සිහින අහසේ වසන්තේsihina ahasee wasanthee

Sihina Ahase Wasanthe

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

Lyrics

සිහින අහසේ වසන්තේ 
තාරකා මල් හිනැහුනා 
රංචු ගැසිලා කුරුල්ලෝ 
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුව් මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්

සිහින අහසේ වසන්තේ 
තාරකා මල් හිනැහුනා 

මග එළි මවනා තරු කැන් ඔබ වේ 
තනිවූ කතර බිමේ
ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් මෙසේ  
බිඟුනද පාවේ ඔය හඬ වාගේ සවනේ රැවු දේ

සිහින අහසේ වසන්තේ 
තාරකා මල් හිනැහුනා 
රංචු ගැසිලා කුරුල්ලෝ 
ඔහේ පියඹා ගියාවේ

සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ  
මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා මහද ප්‍රණාමේ

සිහින අහසේ වසන්තේ 
තාරකා මල් හිනැහුනා 
රංචු ගැසිලා කුරුල්ලෝ 
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුව් මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්
සිහින අහසේ වසන්තේ 
තාරකා මල් හිනැහුනා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.