සිහින් සිනාවයිsihin sinaawayi

Sihin Sinawai

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නැහැනේ
නෙතේ සැනසුමක් නැහැනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා

සිහින් සිනාවයි... 

හදේ සෝතැවුල් ගෙවුණා 
නෙතේ කල්පනා නිවුනා 
තවත් නම් දුක් කඳුලු ඇඳී නෑ සිතේ 
දසුන් වලා සිනා රැඳුනා 
සුපුන් සඳ එබී බැලුවා 
නැවුම් අදහසක් මහදේ ඇඳී තිබෙනවා 

සිහින් සිනාවයි... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.