සිහිලැසේsihilaesee

Sihilase

Music:
එරංග ජයවර්ධනeranga jayawardhhana
Lyrics:
නිලාර් N කසීම්nilaar n kasiim

Lyrics

සිහිලැසේ පවනැල්ල ගත දැවටුනා
තුරු හිසේ මල් රේණු යලි ඇහැරුණා
ඔය හදේ හදගැස්ම මට දැනෙනවා
මදහසේ මුදු හැඟුම හිත නිවනවා
හීන විල්තෙරේ ඕවිල්ලේ ලං වෙලා 
මෙසේ දෑසේ හැඟුම් යාවේ...

දැල්වූ සරාගී කැල්මන් ප්‍රභා දේවා
ප්‍රේමේ යසෝ ගී හෘදේ ගිගුම් දේවා
විල් පියුමන් පවා ගීකම් කී ඔබ ලදේ
සුපිපෙවී එකසේ මා සතුටේ සරා…

(සතුටින් උදම් වූ පෙම්වත් කිරිල්ලී මා
රෑනෙන් මිදීලා යං යන්න සිත් සේ මා...//)
(සීත මේ කුලේ නොපෙනෙනා තුරා
පාලු ආකහේ අත්තටු සලා...//)

(හීන විල්තෙරේ ඕවිල්ලේ ලං වෙලා 
මෙසේ දෑසේ හැඟුම් යාවේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.