සිහිල් නුවන් තුල යහන තනාගෙනsihil nuwan thula yahana thanaagena

Sihil Nuwan Thula Yahana Thanagena

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

සිහිල් නුවන් තුල යහන තනාගෙන
සැතපෙනු මැන සුවයේ
එවන් වෙලාවක මම මගෙ ඇසිපිය
වසාගනිමි රහසේ //

ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට
නොයනු මැනවි පිටවී
සදා මගේ එක දසුනමවී ඔබ
එහි සැතපෙනු මැනවී //

මෙවන් හැඟීමන් නැත පෙර පහලව
අරුමෙකි මහ පුදුමයි
භවෙන් භවේ ඔබ මට හමුවන්නට
මා පතනා පැතුමයි //

මගේ හදේ දිනු අරුමැති ගීතය
කොදුරනු ඔබට ඇසෙයි
දැනේ එකල වෙන දසුනක් නැති බව
මට මුළු ලොවම කුසේ //

සිහිල් නුවන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.