Lyrics
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුළු කොලේ පුර ලීවේ එක පේළියයි
මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි
අටවක සඳ පොඩි උනාට හරි හැඩයි
පුර හදටත් වැඩියෙන් අවිහිංසකයි
ඒ තරම්ම මගේ සෙනෙහස සුන්දරයි
මට කියා දෙන්න බැ මම හරි අසරණයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... /
හීනවලට හුරු කෙරුවේ ඔබතමයි
හීන වලින් මැත් වෙන්න මට බයයි
ඒ හීනෙට කවදත් මම ආදරෙයි
අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... /