සීගිරි සුකුමාලියේsiigiri sukumaaliyee

Sigiri Sukumaliye

Lyrics

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ 
මතකද අප පාවුනා පෙම් අමා නදියේ 
ලස්සන ඔබ රුපයේ නෙත සිත බැඳුනේ 
නාමය ශ්‍රී ලංකාවේ රැව් දෙන්නේ 
ඔබගෙනි සොඳුරේ

අතකින් මල් දරාලා හසරැලි පාලා 
සුසිනිදු සළු ඔතාලා විලවුන් ගාලා 
ගෝමර පෙති විදාලා දිස්නය දීලා 
ආදරයෙන් උන් කාලය මේ දෑසේ 
සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ....

ඔබ රුව නැත මැකීලා කල් ගත වීලා 
මුළු දෙනෙතින් බලාලා සිත සැනසීලා 
ජන කවියක් ගොතාලා කව් පද මාලා 
කී විලසින් මං ගයමි රන් වන් ගී 
වත සපුරලා

සීගිරි සුකුමාලියේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.