Lyrics
සීගිරි ලඳුනේ ඇයි තනිවී
නිහඬව ඉන්නේ ඇයි ගොළුවී
කැටපත් පවුරේ ගීපද ලීවේ
ඔබදෝ ප් රේම පුරාණේ
මීවිත දෙතොලේ රැඳවූ සොඳුරු වෙලාවේ මල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ
වන මැද අරණේ ආදර සෙවනේ
කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ
සීතල සුලඟේ මුසුවී සුසුම් පාවෙලා
ඒ රජ දනනේ ජීවන ගීතයක් වුනා
මේ ගිරි මුදුනේ ඔබෙ රුව ලඳුනේ
සිත්තර තෙළිතුඩකින් සිතුවමක්