සීගිරි ගිරිසිකරය කසුප් රජුගේ බලකොටුවයිsiigiri girisikaraya kasup rajugee balakotuwayi

Sigiri Girisikaraya

Lyrics

සීගිරි ගිරිසිකරය කසුප් රජුගේ බලකොටුවයි
සුකුමල සුකිරි ලඳුන් කාගෙත් නෙත් සිත් පිනවයි
මදහස බැල්ම ඇගෙ හරිම ලස්සනයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි//......//

සතුරු උවදුරෙන් වැලකී කාලේ ගෙවන්න
සීගිරිය අඩවියේ තම රජ දහන කරගෙන
පිය රජුව මරා ඇතිවුණ සෝකය දුරලන්න
සිත්තරුන් ලවා සිතුවම් කලෙ ඉන් සැ⁣නසෙන්න
සසල හදක් නිසල කෙරුවා ලඳුන් සීගිරි
පෙම්වතුන්ගෙ තෙලිතුඩින්නේ මැව්වේ රූසිරි
කලාකාමී හැම සිතකට ලැබදෙන මිහිරි
සොඳුරු බැල්ම අඳුර නසයි කැළුම් පෙරි පෙරි

සීගිරි ගිරිසිකරය......

ගල් ලෙනෙහි ඇන්ඳ සිත්තරු සීගිරි ලලනාව
සුරඟනකට දෙවෙනි නොවෙයි ඇගෙ රූ සපුව
ඔබෙ ගුණ කියවෙන ගී ලියවුණු කැටපත් පවුර
හින්දද ඔබ ලෙනට වෙලා හිඳින්නෙ තනිව
කනට තෝඩු ගෙලට රුවන් මාලයක් බැඳන්
ඉනට සේලේ ඇඳලා සියතට ගෙන සුරතින්
ඔපවුනේ ඈ නලලත තැබු චන්දන තිලකෙන්
රජදහනෙ සිරිය මවන සුර සුන්දරියන්

සීගිරි ගිරිසිකරය..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.