Lyrics
සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ
සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ
දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ
සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
ආදර කතා බොරු ගොඩක් වෙලා
සිතුවිලි හා දැන් වෙනස් වෙලා
ලඟ නැති හින්දා .... ලඟ නැති හින්දා
හසරැලි පාවා දුක් ගඟක් වෙලා
සාගර ජලේ පිරි ගොඩ ගැලුවා
දුක වැඩි හින්දා .... දුක වැඩි හින්දා
දහස් වරක් සිතින් හඬා රැයක් පුරා සුසුම් හෙලා
බෝමා .... කඳුළැල් බෝමා
ඒ ඔබෙ නෙතින් වැහෙනා කඳුළු බිදක් වාසනා
වේවා .... ඔබට වේවා
මට කියන් ලදේ කාරනේ දුරස් වුනේ ආදරේ
නලලන තිලකේ නැතිද කියන්නේ
ඉවසන්න සොඳුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ
උපදින භවයේ ලං වෙමු ආයේ
මේ අනන්ත වූ ප්‍රේමේ පුරා දරන්න බැරි වේදනා
බෝමා .... සිතේ බෝමා
ඒ වදන් ඔබේ නෑසෙනා සුළං රොදේ පාවෙලා
ආවා .... මා වෙත ආවා
මට කියන් ලදේ ....
සිදී බිදී ආදරේ ....