සිද්ධාර්ථ ගෞතම්sidhdhhaarthha gautham

Sidhdhartha Gautham

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ 
සක්විති රජ සිහිනේ 
ඔපවත් කරමින් මෙලොවට බිහිවූ 
සිදුහත් කුමරුවනේ 
අභිණිෂ්ක්‍රමණය කරනා වග නෑ 
කවුරුත් දැන සිටියේ 
ලොව්තුරු සම්මා සම්බදු පදවිය 
ඔබටයි හිමි වූයේ 

(සිද්ධාර්ථ ගෞතම්
භව දුක්ඛ සුන්‍යම්
දේවාති දේවම් 
ලෝකග්‍ර ජනථම්...//)   

වන්දේ භගවං අරහංතං 
වන්දේ සුගතං භගවන්තං 
වන්දේ බුද්ධං භගවන්තං       
වන්දේ වන්දේ භගවන්තං

පිරුවානා සර ඇසෙනා හැම වර සිත නිවෙනා අයුරූ
තුනුරුවනේ ගුණ ගථා ගයමින ගෞතමයන් වඳිමු 
දෙසැටක් මිත්‍යා බිඳලූ ධර්මය ගුරු තැන පිහිටූ 
තුන් ලෝකෙට සෙත සැලසූ හගවත් ගෞතම නිරිඳු   

සිද්ධාර්ථ ගෞතම්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.