ශෝකය දුක ආවත් මට කොයි තරම්shookaya dhuka aawath mata koyi tharam

Shokaya Duka Awath Mata

Lyrics

දුන්නොත් ඔබට හැර අත කෙල්ලෙකුට වෙන....
දුක් ජීවිතයක්ම වේ මට කදුලු බොන....
හතර රියනෙ මා යටකර තබන දින....
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන.....

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාල යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතකවෙයි කියා
එහෙම කලොත් යම් කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මළකඳ තමා

ශෝකය දුක ආවත්.....

මල් කුමරියො සිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ
එක් වෙන්නට නොහැකි උනොත් රන් කදේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිණි වලේ
ලියවෙන්නට පෙම ඉතිහසයෙ අපේ
හොඳ නම රැකගමු දෙන්නම ඉර හඳ වගේ

ශෝකය දුක ආවත්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.