ශෝභාshoobhaa

Shobha

Music:
භාෂි දේවංගbhaashi dheewanga
Lyrics:
භාෂි දේවංගbhaashi dheewanga

Lyrics

මාරුතේ නුඹ හා එදා
රෑ තනිවී පාලුවෙන්
ඒ සීතලේ නුඹ ලඟින් එදා
මා හිනැහී තනිවුණේ

මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ
මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ

නුඹේ ශෝභා මැවෙනා
ඕ හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැඟවී නොඑන හිත මා
මගෙ ආදරේ ඉල්ලා නොඑනු හිත මා

මං සීරුවෙන් නුඹ ළග තිබූ ඒ සලුපට කෝ ළදේ
මන්දාරමේ හරි සීතලයි නුඹ තනියට නෑ මෙහේ

මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ
මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ

නුඹේ ශෝභා මැවෙනා....

හැන්දෑ යාමෙක අපි යළි හමුවී
පෙම් බස් දොඩලා හිනැහෙමු පෙර සේ
නුඹ ආයේ දවසක මා හා
නොදැනී වාගේ හිනැහෙමු සොඳුරී

ඕ හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැඟවී නොඑන හිත මා
මගෙ ආදරේ ඉල්ලා නොඑනු හිත මා

නුඹේ ශෝභා මැවෙනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.