ශිෂ්‍යත්වයshishyathwaya

Shishyathwaya

Music:
ගයාන් ෆ්දෝgayaan fdhoo
Lyrics:
රුවන් ලීruwan lii

Lyrics

ශිෂ්‍යත්වය සමත් වෙලා මං ආවේ මේ නගරෙට
මෙහේ ඉන්න බෑ අම්මේ මට ඇවිත් මාව එක්ක යන්න
මගේ ලස්සන පුංචි ගමට.......

වක්කඩ ළඟ තිත්ත පැටව් බලාගෙන ඇති මං එනකං
තනි රෝදේ මගේ කරත්තයත් වැස්සට දැන් තෙමෙනවා ඇති
ඕවිට ළඟ වෙරළු ගහේ ගෙඩි ඉදිලා අතු බරට ඇති
මගේ සුරතල් බලු පැටියත් දුක දැනිලා හඬනවා ඇති.......

තේ ටික දැන් අප්පච්චිට වෙලට ගිහින් දෙන්නේ කව්ද
අම්මා ගොයම් කපනදාට නංගී බලා ගන්නේ කව්ද
හැන්දෑවට වැවබ රවුමේ සීයා එක්කලා යන්නේ කව්ද
පහන තියන්නට අත්තම්මට මල් නෙලාන එන්නේ කව්ද.......

ශිෂ්‍යත්වය සමත් වෙලා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.