ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹshilpa sondin dhaenaganna gihin numba

Shilpa Sodin Danaganna

Lyrics

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ.
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියෙන්.

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුලු වෙලා ඉන්නා ජෝඩු
රංචු මිසක තනියෙන්ම නොයන්නේ 
ඒ නුවරට නුඹ කිරිකෝඩු

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ 
යහතින්දෝ කොළොම්පුරේ.
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියෙන්

නාමල් සුවඳක් වෙනදා වාගේ 
අද නැහැ නොවැ ඇල ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදෙයි දො 
මගතොට නුඹ යනෙනා වාරේ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ.
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට 
නුඹ නැති හන්දා මං තනියෙන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.