Lyrics
මේ හමනා මුදු සුළඟ මා සුපෙම්වත් කරනා
වෙලී පෙමිනා තනිකම් මකන්න එන්නත් හිතුනා...
ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනා
ආදරේ කතාවක් දැනෙනා
ඈත නීල නිම්නේ මා ඔබ සොයා එනා
තාම සිහිවෙනා දෑසකටම මා බැඳුනා...
නුරා හැඟුම් මත් කරනා
පුරා බැලුම් නෙතු බැඳෙනා
නිසාම මගේ හිතෙනා
පුරා වතක් පෙම ලියනා...
ශාර්වරී වඩින්නේ...
මේ දිලෙනා රන් මිණි මෙවුල් දමින් සරසමිනා
දෑතම මා දෝතින් අරන් සෙමින් සිප ගන්නා
ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනා
ආදරේ කතාවක් දැනෙනා
ආදරේ කතා පොතක් අතීතේ කියනා
ඔබ මගෙයි වතාවකුත් මේ සසරේ සිට ආ...