ශාන්තිනීshaanthinii

Shanthini

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම්
කුන්කමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පාං පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අප දෙවියන් ඇති තැනකට යං......

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නු‍ඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළළු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......

සියල් සිතින් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.