සෙව්වන්දියකට පෙම් බැන්දාsewwandhiyakata pem baendhaa

Sewwandiyakata Pem Banda

Lyrics

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා 
නටු අග කටු මත කටුක බව දැනී 
හදවත පාරයි වේදනා...//

නව යෞවන හද පෙම් උයනේ
දහසක් මල් මට හිනැහෙනවා 
මටම නොතේරෙන කරුණක් වේ 
සෙව්වන්දියකට හිත යනවා 

සෙව්වන්දියකට.../

රුව ලස්සන නෙත් දෙකට පෙනේ 
සුවදක් නහයට ලං වෙනවා 
එනමුදු කටු අග විස මතුවේ 
සේව්වන්දිය හිත රිදවනවා 

සෙව්වන්දියකට...// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.