සේපාලිකා මලයි සුදු පාට මීදුමයිseepaalikaa malayi sudhu paata miidhumayi

Sepalika Malai Sudu Pata Meedumai

Lyrics

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි //

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා

සේපාලිකා මලයි ....

මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැලවුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා

සේපාලිකා මලයි ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.