සේපාලිකා මලයිseepaalikaa malayi

Sepalika Malai

Lyrics

සේපාලිකා මලයි 
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි 
ඇත් ‍තටම ඔබ වගේ //

මන්දාරමෙන් එහා 
දෙව්දුවක් ඇති බලා 
මට යන්න දෙන්න සියුමැලියේ 
සුවද සොය සොයා
මේ රාත් ‍රියම නිසන්සලයි 
ඒත් ඔබ නිසා

සේපාලිකා මලයි....

මල් පිපෙන තුරු ලතා
මද සුළගෙ නැලවුනා
හිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා

සේපාලිකා මලයි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.