සැප ගන්න කැමති ජීවිතෙ - sepa ganna kamathisaepa ganna kaemathi jiiwithe - sepa ganna kamathi

සැප ගන්න කැමති ජීවිතෙ - sepa ganna kamathi

Lyrics

සැප ගන්න කැමති ජීවිතෙ 
සැප කොහෙද කෝ සොයා යතේ
දුක වාගෙ ලාභ නම් නැතේ
සැප හරි ගනන් පුතේ

දුව දුවා හාමතේ
හෙවුවාට හිතු මතේ
සැප හරි ගනන් පුතේ 
ලාභෙට කොහෙත් නැතේ...//

 ලග ඉදපු බය නැතේ 
හිග උනොත් අපෙ අතේ
ඇති වෙන හැම නැති වෙන වග
නොදැන ඒ පුතේ
විසි වෙලා දැන් සතේ
රුපියලයි රජ පුතේ 
ඈත ඉදන් ඒකා අපිට කවටකම් මයෙ පුතේ 
රුපියලත් අපිට කවටකම්ම කරයි මයෙ පුතේ

සැප ගන්න කැමති ජීවිතෙ

පොහොසතුන් ලොව වෙතේ
මනු සතුන් හිග වෙතේ..//
සල්ලි වලට ලංසුවකට
ජීවිතත් ‍ යතේ 
ආදරේ යැයි පුතේ 
වෙන දෙයක් එහි ඇතේ
සැපට තියන තැන විතරක් ඒක පැවතෙතේ
නුබ එය හොදට හදුන ගන් හැබැයි මයෙ පුතේ

සැප ගන්න කැමති ජීවිතේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.