සෙන්කඩගල නුවරටsenkadagala nuwarata

Senkadagala Nuwarata

Music:
දිනේෂ් ගමගේdhineesh gamagee
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ

අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව
 
වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට

අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.