සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන්senehe sithin saenasillen

Senehe Sithin Senasillen

Lyrics

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
පෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ
පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත ඉද වැජ උරුම සොයන්නේ
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ

බෙදුම් පවුරු සීමා මැද පිල් බැදගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.