Lyrics
සෙහෙනේ මල් සිනා පා
ඔබ ලඟ ඉන්නම් මා
මා ඔබේ සැමදා
හද උයනේ විහඟක සේ - යනවා පෙම් චාරිකා
මහදේ පිපේ - ආදරේ//
පෙම්වත ඔබටයි ගීතේ - හද ගී පොතේ ලියා
ලං වන මොහොතේ කීවේ - ඔබ මාගෙමයි කියා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා
ලං වුනු හින්දයි ආවේ - සසරේ පුරා සරා
වෙන් නොම වෙන්නම් මාගේ - මුළු ජීවිතේ පුරා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා