සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්නseneehayee kurutu giiya sithuwili wala liyanna

Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna

Lyrics

සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න
මා හදවත වෙහෙසුනාට නුඹ ළං වෙන්නෑ
ඒ සිතුවිලි කවදාවත් ඔබ හැර යන්නෑ

සඳට තරුව ආද‍ර වන හැමදාමත් පෙරුම් පුරණ
ඒ උනාට සඳට තරුව ළං වෙන්නෙ නෑ
සඳට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ

මගේ හිතේ හීන මවන ආදර හැඟුමන් හංගන
නුඹ තුරුළුව ලැබූ පහස අමතක වෙන්නෑ
නුඹට තියෙන ආද‍රයේ කිසි අඩුවක් නෑ

නුඹේ හිතේ මවන ආදරයෙන් පහස ලබන
නුඹේ ආදරය කිසිදා මට වැටහෙන්නෑ
මගේ ගමන කවදාවත් මම නවතින්නෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.