Lyrics
සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා
ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා
දුක් කඳුලු පොඟා හද තුටු කඳුලු පෙන්නා
මදහසේ මුවඟ පැතුම් මල් පිපුණා...
ලිපෛ ගිනි නිවුණදා කුසේ ගිනි හංඟා
ලෙයින් ඉනු දයා දිය දොවා පෙවූ අම්මා
සැඳෑ කළුවර ඇවිත් ගෙවී සඳ හංඟා
මුළු ලොවට එළිය දුන් සරා සඳ අම්මා...
නැලවිල්ලේ ගී ස්වරය දෙතොල් අග රන්දා
හැඬු පොඩි මුවඟ තුටු සිනහා මල් කැන්දා
මහමෙරක් බර හිතේ දැරූ අපේ අම්මා
දෙවෙනි බුදු වුවත් ඈ බුදුන්ගෙත් අම්මා...