සෙනෙහස පුදා අම්මාවරුන් වගේsenehasa pudhaa ammaawarun wagee

Senehasa Puda Ammawarun Wage

Music:
එච් එම් ජයවර්ධනech em jayawardhhana
Lyrics:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

Lyrics

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහදිය හෙළා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ…

අකණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට//
කළ වරදකට වත් තැලුවේ නැත අපට//
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට…

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මව් පියවරුන් ඉර හඳ මෙන් ළඟ හිඳුවා
දරුවන් පාන හසරැළි අපහට නැතුවා…

සෙනෙහස පුදා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.