සැනසුමsaenasuma

Senasuma

Music:
සේනක බටගොඩseenaka batagoda
Lyrics:
සේනක බටගොඩseenaka batagoda

Lyrics

උඩු තොල ගාවට ලුණු දිය පිරුනා
දැනෙන්නෙ නැති තරමට
දුවනව අඳුරේ
තෙරපී තරඟේ
අතපත ගාගෙන

නෑ කිසිවක් හඳුනන්නෙ
නෑ කිසිවක් වැටහෙන්නෙ
මා නොදැනිම
හිත ඉල්ලන දේ

සැනසුම - හොයනව යන යන තැන
සැනසුම - දැනෙනව ඇති තැන
දෝරෙ ගලා යන සෙනෙහසමයි
සැනසුම

අපි ගැන
දන්නවානම් අපි හැම
නුඹ ගැන දැනේවි පරතෙරටම
මට විස්වාසයි ඒ තැන තියෙනව
සැනසුම

වරදින
තැන් හඳුනාගෙන
ජීවත් වෙන අය ලබනවා
විඳිනවා සැනසුම

බැලුවම
ඇලෙනව හැම තැන
ගැලවුම ලේසිම නෑ ඇලුනම

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.