සැමදා ම⁣ගේමයි කීවේ ඔයාමයිsaemadhaa ma⁣geemayi kiiwee oyaamayi

Semada Magemai Kiwe

Lyrics

සැමදා ම⁣ගේමයි කීවේ ඔයාමයි 
ඔය දෑස අද ඇයි ඉවත බලා 
සිිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි 
අද මම මෙහේ තනි වෙලා.....

රෑ අහසේ සඳ පායන්නෙ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ 
ලඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ලඟ නැති දා අඳුරේ ඉන්න බෑ.....
 
ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේ....ම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා

රෑ අහසේ සඳ...........

රෑ අහසේ තරු පායන්නෙ නෑ 
මේ අන්ධකාරෙ මට පුරුදු නෑ 
ලඟ උන්නු කා⁣ලෙ අමතක වෙන්නෙ නෑ 
ඔබ ලඟ නැති දා අදුරේ ඉන්න බෑ

රෑ අහසේ සඳ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.