සෙල්ලම් කළ මිදුලේsellam kala midhulee

Sellam Kala Midule

Lyrics

සෙල්ලම් කළ මිදුලේ සුදු වැල්ලේ 
පුංචි පුතා අද මංගල රැල්ලේ 
ආසිරි පවනේ මල් පියවිල්ලේ 
සිරිදුව හා කැඳවයි මනලොල්ලේ//

සසරින් ගෙන ආ ඔබ සහකාරී 
සසරට ගෙන යන සොඳුරු කුමාරි 
කුලදම් පතිකම් සුරකින නාරි 
ලලන ලොවට වෙනවා මුතුහාරි 

සෙල්ලම් කළ...

හද බැඳි පෙම සැල මුතු අනුරාගේ 
මිණිමුතු රන් බැඳි මුතු මාලය වාගේ 
බිරියගේ ආසිරි බස කොයි වාගේ 
ආසිරිවාදය වැනි අම්මාගේ 

 සෙල්ලම් කළ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.