සෙල්ලක්කාරයාsellakkaarayaa

Sellakkaraya

Music:
ලෙලුම් රත්නායකlelum rathnaayaka
Lyrics:
කයිසර් කයිස්kayisar kayis

Lyrics

ඔයා විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔයා අඩවන්න
වචන තුනයි ඕනෙ රණ්ඩුවෙන්න
ඔයා ‍රැව‍ටුන පොඩ්ඩක් හිතල බලන්න
ඔයා, හැමදේම කරේ මාව සතුටින් තියන්න
මම හැමදේම කරේ ඔයා අඩවලා රිද්දන්න
එත් ඔයා දැක්ක පලවෙනි දවසෙ 
ඉදන් හීන මව්වෙ එකට නිදියන්න
සිංදු කොළවල ලිවුවෙ මම කිවුවෙ ඒව ඔයාට කියලා
හිත යට හිටියෙ ඔයා විතරයි 
ඔයා විතරයි හිනාවුනෙ මම හන්දා
ලංවුනෙ රිද්දන්න නෙමේ
පස්සෙ, ආපහු ගන්න හිතන් මම හිත දුන්නෙ
ඔයා තාමත් එක තැන ඒක නෙමේ ප්‍රශ්නෙ
ඔයා දඟකරනව මගෙ හිත අස්සෙ.....

මල් ඉහිරුනා
මුළු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කඳුළු ගානේ වැටුනු ඈගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දු‍ටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා

සිනහව උදුර ගත්ත ඔය
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා මමයි....//

සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජිවිතයත්
ඔයා පෑනෙන් ලිවුවත් අපෙ කතාව
මම පැන්සලෙන් ලිවුවෙ මකන්න හිතාන
සුදු ගවුමෙ රතු ලකුණේ
ජිවිතෙ දුන්නත් ඔයා මට සතුටින්
ආදරෙ බිඳුවක් තිබෙ නැ
මගෙ එක ලේ බිදුවකවත් ඔයාගෙ නාමෙ
ඔය විදෙවුව මම වින්දා
ජිවිතෙ කලු වුනා මම හින්දා
කිවුවා රට වටේ හපන්කම්
වටකරන් මිතුරන් මගෙ හතුරන් කරන්
මට දඩුවම්
අපි අපිටම ගත්ත පිංතුරේ
ගිලිහුන රටටම මගෙ අතෙ සිදුරෙන්
කාමරෙක අද කලුවරෙ මම උදුර ගත්ත
නුඹේ ජිවිතෙ......


මල් ඉහිරුනා
මුළු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කඳුළු ගානේ වැටුනු ඈගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දු‍ටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා......

සිනහව උදුර ගත්ත
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා නුබයි.....///

කදුලු ගානේ ව‍ටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා (නිහඩ කෙරුවා)
ලොවම දු‍ටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා…….

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.