සෙලවෙන මනසselawena manasa

Selawena Manasa

Music:
අශේන් චක්‍රවර් තිasheen chakrawar thi
Lyrics:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

Lyrics

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්
සුදු මුව කමලෙ ලෙලෙන කිකිනි සලලා කෙල්ලෙ නටාපන්
ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුඹව බඳින්නේ

ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුඹව බඳින්නේ
සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

හැඩ බලන්නකො ඔයා සද වගේ ආකහේ
ඔය දෙතොල රෝස මලේ පැහැය හාදුවත් සැපා
කාරිය කෙරෙනතුරු නොවේ ආලේ
මනාලිය කරගන්නකල් බෑ ආශාවේ
රඟන්න එන්න නිහඬ මායාවේ
තියමු අඩිය එකම ආයාසේ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

ගිනි සිලුව වගේ බදේ
විහිදෙන රැස් අගේ නගේ
පුලුං කොට්ටෙ වගේ උකුල මුල්ලක හැන්ගුනත් සැපේ
නලියනවා මගේ ඇගේ
තෘප්තිමත් පෙමක රගේ
අසමාන හිතේ ඇදුන මනමාල රුව ඔබේ
කන්ද කපා එන සද වගේ ඔබ ලන්ද දිගේ එන කොට
මම මැස්සා වගේ ඔය හොස්ස ලගින් ඇවිත් ඉන්නම් ඔබේ තුරුලෙම
මගෙ සදගනාවිය ඊට එහා ගිය වංගුවක් වගෙමයි හැඩ
මම ආසම කාරිය රෑට නිදාගෙන උදේ පාන්දර වැඩ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්
(ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුඹව බඳින්නේ)..//
සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.