සැකය මේ හැටි දුර දිග ගියේsaekaya mee haeti dhura dhiga giyee

Sekaya Me Hati

Lyrics

සැකය මේ හැටි දුර දිග ගියේ
දුකට ඇයි මේ හිත පත් උනේ...//

වැරදි වැටහීමක පැටලිලා 
නිකරුණේ මම කල චෝදනා
තේරුනේ මට කල් ගත වෙලා
සමා දෙනවද ඔයා....

සැකය මේ හැටි දුර දිග ගියේ
දුකට ඇයි මේ හිත පත් උනේ...//

වැඩිපුරම ඔබ ආදරෙ කලේ
මටම විතරයි මේ ලොකයේ
ඔබෙන් ලද ඒ සැනසුම් සුවේ
මගේ වරදින් මට නැති උනේ

වැරදි වැටහීමක පැටලිලා 
නිකරුණේ මම කල චෝදනා 
තේරුනේ මට කල් ගත වෙලා 
සමා දෙනවද ඔයා...

සැකය මේ හැටි දුර දිග ගියේ 
දුකට ඇයි මේ හිත පත් උනේ

කලබලෙන් මම ගත් තීරනේ
දුකම විතරයි මට ලන් කලේ
වෙන් උනත් මතු උපදින ලොවේ
යලිත් පතනවා වෙන්නට ඔබේ

වැරදි වැටහීමක පැටලිලා 
නිකරුණේ මම කල චෝදනා 
තේරුනේ මට කල් ගත වෙලා 
සමා දෙනවද ඔයා....

සැකය මේ හැටි දුර දිග ගියේ 
දුකට ඇයි මේ හිත පත් උනේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.