සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේsiithala sanda eliyee piidhuna suwanda malee

Seethala Sada Eliye Piduna Suwada Male

Lyrics

සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්...//

සදළු තලාවේ මුනින් තලා වී
ඈත බලාගෙන කඳුළු සලන්නී //
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්.....

සීතල සඳ එළියේ ....

සදා හරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ //
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්.....

සීතල සඳ එළියේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.