සීතල මීදුම් කදු තීරේsiithala miidhum kadhu thiiree

Seethala Midum Kadu Thire

Lyrics

සීතල මීදුම් කදු තීරේ 
ඇතේ ඇතයි මේ
කොවුලන්ගෙ ගී නාදේ
පිනි වැසි මලා වේ මුතු වේ

ලිහිනි ගිරා පේලි සැදී
යායේ සැනකෙලියේ //
ගලන ගගේ රැලි අතරේ
මිහිරිම රහස අදයි ඇසුනේ

සතුටු සිනා කිකිනි සැලේ 
වලා වියන් සෙවනේ//
මල් සුවදේ පෙති විසිරේ 
අමුතුම සිහින පිරි ඉතිරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.