සීත සුළංsiitha sulan

Seetha Sulan

Lyrics

සීත සුළං අවට හමන්නේ 
සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න
ඇගේ පතේ සුවය දැනෙන්න

බලන්න ආසයි තක්කාලි ඉදිලා 
කොළ පාටට ගෝවා වැටිලා
කඳු මුදුනේ බීට් රූට් වැටිලා 
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ

සෑම කන්දක් සරුසාරව පෙනෙන්නේ 
තේ දළු සුළඟට ලෙල දෙන්නේ
කොමළ ළඳුන් ඒ තේ සළු නෙළන්නේ 
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ

සීතල සුළඟින් ගත සිත නිමෙන්නේ 
ගලනා දිය ඇළි සැම අත පෙනෙන්නේ
රසබර පළතුරු මිහිරයි ගෙනෙන්නේ  
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.