සීත සැඳෑවේsiitha saendaewee

Seetha Sandawe

Lyrics

සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ 
ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ 
රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ 
අනං මනං කරන්නෙපා කොල්ලෝ 
මං ඔබට ආදරෙයි ටිකක් ඉන්න 
ඔබෙ ලඟට එනතුරා ඉවසන්න 
චාටු කතා එපා ඉතින් ඔන්න 

(සීතල මීදුම් යායෙදී ආදරේ වදන්
මට ආසයි අහන්න ඔබගෙන්...//)
ඔබට ලං වෙලා ඔබෙ තුරුලේ දැවටිලා 
ආදරේ කතා ඔබේ කනට කොඳුරලා 
සුව විඳින්න ආසයි ඉතින් 
 
සීත සැඳෑවේ ආදරෙ කරන....   

(අඳුර වැටී එනකොට මට මිදෙන්න ඔබගෙන් 
අවසර දෙනවාද රත්තරන්...//) 
ගලට මුවාවී මලට හාදු දී 
ප්‍රේමයේ හැඟුම් ඔබට කියාදී
සැතපෙන්නට ආසයි ඉතින්  

සීත සැඳෑවේ ආදරෙ කරන....
(චාටු කතා එපා ඉතින් ඔන්න...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.