සීත රෑ යාමේ (දුලීකා)siitha rae yaamee (dhuliikaa)

Seetha Ra Yame (Duleeka)

Lyrics

චිත්‍රපටය: දුලීකා (1974)

සීත රෑ යාමේ අඳුරේ - වාසනා නිල් දෑස පායා..
ආදරේ උණුසුම් සුසුම් මැද - මා හදේ රහසේ රැඳුනා..
දුලීකා..////

මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..

සීත රෑ යාමේ අඳුරේ .../

මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..

සීත රෑ යාමේ අඳුරේ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.