සීතා ගීතා මේ බලන්නකෝsiithaa giithaa mee balannakoo

Seetha Geetha Me Balannako

Lyrics

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ...
ආනේ නීතා කොයින්ද ඔයාට ලැබුනේ…//

සීතා ගීතා.....

බෝගන්විලා පැල උදුරාලා//
මමම හැදුව මගෙ තක්කලි කොටුවේ
පොකුරු පොකුරු හැදුනා හැම නටුවේ
ඒව විකුණලා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා...//

සීතා ගීතා...//

පස පෙරළලා ගිණි අවුලාලා//
මමම හැදුව මගෙ පොඩි මුං හේනේ
කරල් ඇතිවී තිබුනා පැළ ගානේ
ඒව විකුණලා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා...//

සීතා ගීතා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.