සීත දිය රැල් සලාsiitha dhiya rael salaa

Seetha Diya Ral Sala

Lyrics

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා…

කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මදනල හා
මුසුව සියපත් දෙතොල් පොපියා//
හාදු දී මා දිහා බැලුවා…

සීත දිය රැල් සලා...

විල් තෙරේ පීනු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ//
හාදු දී මා දිහා බැලුවේ…

සීත දිය රැල් සලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.