සීත අරණේ සුපුල් නාමල seetha arane supulsiitha aranee supul naamala seetha arane supul

සීත අරණේ සුපුල් නාමල seetha arane supul

Lyrics

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.