සීමා නෑ (හඬවන්නේ ඇයි මාව රහසින්)siimaa nae (handawannee aeyi maawa rahasin)

Seema Na (Handawanne Ai Mawa Rahasin)

Music:
ලහිරු පෙරේරාlahiru pereeraa
Lyrics:
අභිෂේකා විමලවීරabhisheekaa wimalawiira

Lyrics

හඬවන්නේ ඇයි මාව රහසින් 
සඟවන්න ඔය නුරා බැල්මන්
තහනම් හීනයේ දෑස යාවුණේ
සනසන්න ඔය දෙතොල් පහසින්
නැළවෙන්න මා ගාව රහසින්
තහනම් නේද මේ මැරුණු ආත්මයේ.....

සීමා නෑ මායිම් නෑ දෑසින් 
කී කතා නිමා වෙන්නේ නෑ
සීමා නෑ මායිම් නෑ තරු ඇස් 
කී කතා නමක් දුන්නේ නෑ.......

හැමදාම ළඟ ඉන්න සිහිනෙන් 
සැනසෙන්න ඉඩ දෙන්න සුවඳේ
එක්ටැම් ලොවක නෑ පැතු ආදරේ
හුරතලින් දැවටෙන්න ආසයි
හිත ළඟම තනිවෙන්න ආසයි
සරදම් ඕනේ නෑ පාළු ජීවිතේ.......

සීමා නෑ.......

නන්නාඳුනන ලෙසින් ඔබ ඉන්නේ ඇයි දුරින්
උතුරනා ආදරෙන් තෙමන්නදෝ ලවන්
රෑ අහසේ පායනා තරු අසන්නේ කෝම මං
පියාගන්නෙමි ඇස් යන්න හීන අරන්.......

සීමා නෑ මායිම් නෑ දෑසින් 
කී කතා නිමා වෙන්නේ නෑ
සීමා නෑ මායිම් නෑ තරු ඇස් 
කී ඒ කතා නිමා වෙන්නේ නෑ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.