Lyrics
සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා
දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා
ඇස් පියන් වෙහෙසීලා ගව් ගණන් ඔබ සොයා
හදවතට නෑ සීමා...
(සීමා නෑ හදවතට සීමා නෑ...////)
රැය දහවලක් ගෙනා ඉර හඳත් මියෙනවා
හෙට දවස අද වගේ රැය ගණන් ගෙවෙනවා
සීමාවට එහා හදවතක් තියෙනවා
(සීමා නෑ හදවතට සීමා නෑ...////)
කාලයට රැවටෙනා හිත මගේ කියනවා
නුඹ ඒවිදෝ අහනවා
සීමාවට එහා හදවතක් තියෙනවා
(සීමා නෑ හදවතට සීමා නෑ...////)
(සීමා නෑ හදවතට සීමා නෑ...////)