Lyrics
සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුනේ
සිරවී රැඳී ඉන් කිමද ප් රියේ අප
තවම කතා නොකලේ
තඹරු පිපී බඹරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැගේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
සයුරු තෙරේදී.......
පියවි ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැගේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
සයුරු තෙරේදී.......