සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේsayanee sihinen pem karanaa landunee

Sayane Sihinen Pem Karana Landune

Lyrics

සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ
පියවි ලොවේදී මා හමුවන්නට 
කවදාදෝ එන්නේ //

මා නෙතු දැලේ රඟනා තාලේ //
රෑ තනි වූ යහනේ
කදුළැලි අතරේ බොඳ නොකරනු මැන
ප්‍රාර්ථනා සිහිනේ

සයනේ සිහිනෙන්  ....

රෑ තනි යහනේ බොඳ වූ සිහිනේ
මා තනි වූ අරුමේ
ඔබෙ හද පතුලේ මිහිදන් කල මැන 
ජීවිතයේ සිහිනේ

සයනේ සිහිනෙන්  ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.