සවන සනසාsawana sanasaa

Sawana Sanasa

Lyrics

සවන සනසා ලගින් ඉන්නට 
කවුරුවත් නැති පාළුවේ
ගීතයක් වේවා මගේ සිත 
ගීතයක් වේවා ඔබේ ලග

පුංචි එළියක් විහිදුවා නිසල බියකරු දිගුරැයේ 
නිදන කුටියේ පහන වී රැදි ඉන්නම් සිනාසී

නිසරු වේනම් සිතුවිලි ඉරි තැලෙන්නට ඉඩ නොදී
ලතෙත් බර කදුලක් හොවා 
පන්හිදට දෙන්නම් සවී

විහඟ ගීයක පිඹිදිලා අලුත් සුවදක් දී උදේ
ඔබේ දොරකඩ මලක් වී සුභ  පතන්නම් සැමදා

සවන  සනසා ලගින් ඉන්නට 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.