සතුට විලයි සැපත මලයිsathuta wilayi saepatha malayi

Sathuta Wilai Sapatha Malai

Music:
ජයතිස්ස අලහකෝන්jayathissa alahakoon
Lyrics:
නිමල් වික්‍රමසේකරnimal wikramaseekara

Lyrics

චිත්‍රපටය: දහසක් සිතුවිලි (1968)

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

මළ ඊයෙට ඇයි අඬන්නේ
මොකටද හෙට ගැන හිතන්නේ ....//

කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
සිනාව ආවම කොතැනද ඉන්නේ ...//

මල් කෙමියේ පැණි පෙරෙන්නේ
ජීවිතයේ රස තියෙන්නේ ....//

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.