සත්තයි ඔයා (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය)saththayi oyaa (sangiithee teli naatya giithaya)

Saththai Oya (Sangeethe Teledrama Song)

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
නවීන් පෙරේරාnawiin pereeraa

Lyrics

සත්තයි ඔයා...ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්...
රිදවුමක් නැති ආදරේ අහඹුවක්...
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්...

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්

සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්..

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.