Lyrics
මං විතරද ආදරේ කළේ
ඔබ නැතිවද මට පෙම් කළේ
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා
(සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නා නම් ළං නොවෙමි සදා......//)
මහ තනිකමක් මේ හදවත සරන්නේ
මට මාව අතපසු වෙලා
මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ
මං ඔබට ඇබිබැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා........
(සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නා නම් ළං නොවෙමි සදා......//)
මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ
පසුතැවෙයි දවසක ඔයා
තාමත් කැදැල්ලේ දොරගුළු විවරණේ
මං ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා........
මං විතරද.......