සත්තයි මට ඔබ වාගේ (සෙවනැල්ල සේ ඔබ)saththayi mata oba waagee (sewanaella see oba)

Saththai Mata Oba Wage (Sewanalla Se Oba)

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනුණේම නෑනේ
අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ
මට දැනුණේ නම් මහ තනිකමක්නේ

ජීවිතේ නුඹ නමින් තනිවුණා
හමුවුන තැන්වල මතකය විතරයි අද ඇත්තේ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමන්නේ
මියගිය ප්‍රේමය හදවත පතලේම මාගේ
සදහටම මිහිදන් කළා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගේම වෙන්නයි ඕනේ

සුවුදක් දැනේ මට ඔබගේ පපුවේ
මගේ වේදනා ඔබ දන්නේ නැනේ
මැරුණත් හදේ තියෙනාමේ සෙනෙහෙ
වෙනෙසක් නොවේ සංසාර ගමනේ
ජිවිතේ ඔබ නමින් තනිවුණා

සත්තයි මට ඔබ වාගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.