සතර වටින් කළු කරගෙනsathara watin kalu karagena

Sathara Watin Kalu Karagena

Lyrics

සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා මතකයි අද වාගේ.....

(එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ...//)
දෙතොල නැගී සිනහා නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා.....

සතර වටින්.../

(එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
දෑත දෑත එකතු උනා ප්‍රාර්ථනා ලොවේ...//)
නැවුම් පැතුම් සරසා හිසේ කුසුම් වරුසා
ඔබේ සෙවන සදා වසනා......

සතර වටින්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.